“Youth With Talent 3G” (3rd Generation) රියැලටි වැඩසටහනේ රන් කුසලානය ජනතාව අතරට (PHOTOS) | EW Media
අමුතු හා අපූරු හැකියාවන් සොයා යන ශ්‍රීලංකාවේ ප්‍රථම සහ එකම රියැලටි
අත්දැකීමේ තෙවන අදියර “Youth With Talent 3G” (3 rd Generation) රියැලටි
වැඩසටහනේ සමාරම්භයට පෙර “Youth With Talent” රන් කුසලානය දිවයින පුරා
දිස්ත්‍රික් 16 ක් හරහා රැගෙන යන ප්‍රවර්ධන චාරිකාවේ සමාරම්භක උත්සවය ඊයේ
(26) උදෑසන වික්‍රමසිංහපුර (ITN) ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලා
පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා
ජයසුන්දර මහත්මියගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනාරල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව “Youth With Talent” රියැලටි වැඩසටහනේ තරඟ විනිසුරුවන් ලෙස
කටයුතු කළ Caltex Lanka (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කිෂු ගෝමස්
මහතා, ප්‍රවීන ගායන ශීල්පී චිත්‍රාල් සෝමපාල මහතා, ප්‍රවීන ගායන ශිල්පිනී
උමාරා සිංහවංශ මහත්මිය සමඟින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන
විධායක නිළධාරී චන්දන තිලකරත්න මහතා, “Youth With Talent” රියැලටි වැඩසටහනේ
නිර්මාණ අධ්‍යක්ෂක සඳරුවන් ජයවික්‍රම මහතා ප්‍රමුඛ ITN කාර්ය මණ්ඩලය,
ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී
සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.
















No comments: