Breaking News

දහඩියේ රියැලටිය තුලින් Champion යෞවන සමාජය කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ බුදුමැදුර (PHOTOS) | EW Media

තාරුණ්‍යයේ ශක්තිය ලෝකයට රැගෙන යන “Youth With Talent” රියැලිටි වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක “ගමට කෝටියක්” වැඩසටහනේ 3 වන අදියරෙහි තවත් ව්‍යාපෘතියක් පසුගියදා සිසු අයිතියට පත් කෙරුණා. ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙට්ටිගම ග්‍රාමසේවා වසමේ Champion යෞවන සමාජයේ තරුණ තරුණියන් තමන්ගේ ගමේ පාසල වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න පෙළගැහුනා. ඒ කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ බුදුමැදුර ඉදිකරන්නයි මේ තරුණ පිරිසගේ උතුම් බලාපොරොත්තුව වුණේ. 

මේ සඳහා ජාතික තරුණ සේවා සභාවෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබාදෙනවා. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් ලක්‍ෂ 1,500,000 (ලක්ෂ 15) ක්.

තරුණ පරම්පරාවට මුකුත්ම කරන්න බැහැ කියලා ඒ අයව මනසින් පහතට දානව වෙනුවට ඔවුන්ට අභියෝග භාරදීලා ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අවශ්‍ය මානසික ධෛර්යය ලබාදීමයි “Youth With Talent ගමට කෝටියක්” සංකල්පයේ ප්‍රමුඛ අරමුණ.

තරු නිර්මාණය කරලා අහසෙ අතරමං කරනවා වෙනුවට ජීවිතයට මුහුණ දිය හැකි චරිත බිහිකරන “Youth With Talent ගමට කෝටියක්” තුළින් හෙට දවසේ දී තව තවත් චරිත බිහිවනු ඇති බව තමන් විශ්වාස කරන බව ගරු සභාපතිතුමා Champion තරුණ තරුණියන් හා කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හා එහි ආචාර්ය මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා හිරියාල එ.ජා.ප ප්‍රධාන සංවිධායක ජගත් මංජුල මැතිතුමන්, කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් ඇතුළු කුරුනෑගල යෞවන සමාජ සම්මේලනයේ හා Champion යෞවන සමාජයේ තරුණ තරුණියන් හා ජාතික තරුණ සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියා.










No comments:

Powered by Blogger.