Breaking News

තරුණ අංකුර මාධ්‍යවේදීන් බිහි කිරීමට තරුණ සේවා සභාවෙන් මාධ්‍ය වැඩමුළුක් (PHOTOS) | EW Media


ජාතික තරුණ සේවා සභාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරන හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් එක්ව සංවිධානය කළ ජාතික මාධ්‍ය වැඩමුළුව පසුගියදා ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. දින 6 ක් පුරාවට පැවැති මෙම මාධ්‍ය වැඩමුළු සඳහා දිවයින පුරා ආවරණය වන පරිදි පළාත් මට්ටමින් පැවැත්වූ මාධ්‍ය වැඩමුළුව සඳහා සහභාගිවී ඒ තුලින් තෝරා ගත් කුසලතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන් 100 දෙනකු සහභාගි වී සිටියා.

අවිධිමත් මාධ්‍ය භාවිතය වෙනුවට විධිමත් මාධ්‍ය භාවිතයක් උදෙසා නූතනයේ දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති මේ මොහොතේ තරුණ අංකුර මාධ්‍යවේදීන් බිහි කිරීමේ තවත් එක් පියවරක් ලෙසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම ජාතික මාධ්‍ය වැඩුමුළුව ආරම්භ කෙරුණා.

එම ජාතික මාධ්‍ය වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් ඒ සඳහා සහභාගී වූ තරුණ තරුණියන් සඳහා විශේෂ ඇගයීම් සහතික ප්‍රධානය කිරීම පසුගියදා ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, මාධ්‍ය වැඩමුළුව සඳහා සහභාගීවු තරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා.













No comments:

Powered by Blogger.