Breaking News

ළමා දිනයයි වැඩිහිටි දිනයයි 'එකට සැමරූ' අභිමානවත් දවස (PHOTOS) | EW Media


ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ඊයේ (01) යෙදී තිබුණු"ලෝක ළමා දිනය හා ජාත්‍යන්තර වැඩිහිටි දිනය" අභිමානයෙන් සැමරීම සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ පදනම විසින් සංවිධානය කළ උපහාර වැඩසටහනක් පසුගියදා (30) ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනය හා ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ජාතියේ අනාගතය වන් දු පුතුන් හා ජාතියේ අභිමානය වන් වැඩිහිටියන් එකම වේදිකාවකට කැන්දූ මෙම සුවිශේෂී වැඩසටහන සඳහා ප්‍රදේශයේ පෙර පාසැල් නියෝජනය කරමින් දූ පුතුන් 1500 ක පමණ පිරිසක් හා ප්‍රදේශයේ වැඩිහිටි සමිති හා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන නියෝජනය කරමින් වැඩිහිටියන් 1000 ක පමණ පිරිසක් සහභාගිවී සිටියා. 

මෙහිදී ලෝක ළම දින සැමරුම් වැඩසටහනේ හා ජාත්‍යන්තර වැඩිහිටි සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා හා ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය නියෝජනය කරමින් ජනතා නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගි වී සිටියා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා විසින් ළමා දින සැමරුම් උලෙළට සහභාගීවු දූ පුතුන් සමඟින් විනෝදයෙන් කාලය ගත කරමින් හා ඔවුන් වෙනුවෙන් පැවැත්වු විවිධ තරඟ වැඩසටහන් වලින් ජයග්‍රහණය ලැබූ දූ පුතුන් වෙනුවෙන් තිළිණ ප්‍රධානය කළ අතර වැඩිහිටි සැමරුම් උලෙළට සහභාගීවු දෙමව්පියන් වෙනුවෙන් තිළිණ ප්‍රධානය කිරීමටද එක් වුණා.

මෙහිදී ළමා ලෝකයේ අසිරිය විඳින්නට විවිධ සංදර්ශන, සංස්කෘතික වැඩසටහන්, සෙල්ලම් කලාපය, සිතුවම් කලාපය ආදී වැඩසටහන් කිහිපයක්ද එක් කර තිබූ අතර පුංචි දූ පුතුන් වෙනුවෙන්ම විශේෂයෙන්ම සැකසූ පිහිණුම් තටාකයක්ද ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. ඊට අමතරව මෙරිගෝ රවුන්ඩ් ඇතුළු නවීණ ක්‍රීඩා අංග කිහිපයක්ද මෙම ළමා දින සැමරුම් උළෙල සඳහා එක්කර තිබුණා. 

තවද වැඩිහිටි දෙමව්පියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩිහිටි සැමරුම් උළෙල ගී රස වින්දන, නාට්‍ය හා නර්ථන ආදී විවිධ වැඩසටහන් වලින්ද සමන්විත වී තිබුණා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

 
























No comments:

Powered by Blogger.