Breaking News

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය එකම දිනයකදී සැමරෙන හැටි | EW Media

ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ඔක්තෝම්බර් මස 01 වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය එකම දිනයකදී සැමරීමට මේ වන විට නීතිඥ එරන්ද වැලිඅංගේ පදනම විසින් සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ හෙට (30) උදෑසන 9.00 සිට ප.ව 1.00 දක්වා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්.

ජාතියේ අනාගතය වන් දු දරුවන් හා ජාතියේ අභිමානය වන් වැඩිහිටියන් එකම වේදිකාවකට කැන්දන මෙම සුවිශේෂ වැඩසටහන සදහා දු දරුවන් 1500 හා වැඩිහිටියන් 1000 ක පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.ළමා ලෝකයේ අසිරිය විදින්නට විවිධ සංදර්ශන,සංස්කෘතික වැඩසටහන්, මැජික් සංදර්ශන,සෙල්ලම් කලාපය,සිතුවම් කලාපය ආදී වශයෙන් ලෝක ළමා දින වැඩසටහන සැලසුම් කර ඇති අතර වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායන,ගී රස වින්දන ආදී වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

නීතිඥ එරන්ද වැලිඅංගේ පදනමේ පූර්ණ දායකත්වය සහිතව හෙට (30) උදෑසන සිට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට සුදානමින් සිටිනවා.

No comments:

Powered by Blogger.