Breaking News

“Youth With Talent 3G” රියැලටි වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් (PHOTOS) | EW Media

අමුතු හා අපූරු හැකියාවන් සොයා යන ශ්‍රීලංකාවේ ප්‍රථම සහ එකම රියැලටි අත්දැකීමේ තෙවන අදියර “Youth With Talent 3G” (3 rd Generation) රියැලටි වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානයේදී. 

මෙම අවස්ථාව “Youth With Talent” රියැලටි වැඩසටහනේ තරඟ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ Caltex Lanka (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කිෂු ගෝමස් මහතා,“Youth With Talent” රියැලටි වැඩසටහනේ ප්‍රධාන නිවේදක ශිල්පී හා ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය උපදේශක ඩිල්ශාන් පතිරත්න මහතා හා “Youth With Talent” රියැලටි වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂක සඳරුවන් ජයවික්‍රම මහතා සමඟින් ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු රියැලිටි තරඟාවලිය සඳහා සහභාගීවී සිටින තරුණ තරුණියන් පිරිසක් සහභාගි වී සිටියා.














No comments:

Powered by Blogger.