Breaking News

"32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් ශුරතාවය" ශ්‍රී ලංකා යුධ හමුදාවට (PHOTOS) | EW Media

"32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් තරඟාවලියේ" අවසාන මහා තරඟය ඊයේ (22) දිනයේදී තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු පියසේන ගමගේ මැතිතුමාගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී.

මෙවර "32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (පිරිමි) ශුරතාවය" දිනාගනු ලැබුයේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම වන අතර අනුශුරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. "32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (කාන්තා) ශුරතාවය" දිනා ගැනීමට මෙහිදී මාවතගම MAS Casualline වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.

මෙහිදී දිවයිනේ යෞවන සමාජවල තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කළ "32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා ශූරතා තරඟ මාලාවේ අවසන් තරඟයේ ශූරතාවය" දිනා ගැනීමට වළස්මුල්ල, තලහාගහමඩුව එකමුතු යෞවන සමාජයේ වොලිබෝල් කණ්ඩායම විසින් සමත් වුණා.

 













No comments:

Powered by Blogger.