ජාතික තරුණ දිනය වෙනුවෙන් දිවයින පුරා විද්‍යුත් තාක්ෂණික කියවීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනක් (PHOTOS) | EW Media
මැයි මස 23 වැනි දිනට යෙදෙන ජාතික තරුණ දිනයට සමගාමීව තරුණ කටයුතු හා
දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ
සම්මේලනය විසින් සංවිධානය කළ තරුණ දින සැමරුම් උළෙල අද (23) උදෑසන තරුණ
කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා, රාජ්‍ය
අමාත්‍ය ගරු පියසේන ගමගේ මැතිතුමා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති /
අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී.
ජාතික තරුණ දිනයට සමගාමීව තරුණ තරුණියන්ගේ
විද්‍යුත් හා තාක්ෂණික කියවීමේ හැකියාවට ප්‍රවේශයක් ලබා දෙමින් ඔවුන්ගේ
දැනුම හා තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීමේ අරමුණින් දිවයින පුරා
විද්‍යුත් තාක්ෂණික කියවීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට
නංවා ඇත. එහි පළමු පියවර යටතේ මධ්‍යස්ථාන 35 ක්ද අනතුරුව තවත් මධ්‍යස්ථාන
50 ක් ද පිහිටුවීම සඳහා සැලසුම්කර ඇති අතර ඒ යටතේ පරිගණක උපකරණ, පොත් පත්
ඇතුළු පුස්තකාල උපකරණ යෞවන සමාජ තරුණ තරුණියන් වෙත ප්‍රධානය කරනු ලැබුවා.
මීට අමතරව ඉදිරියේදී ගරු අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ
සංකල්පයකට අනුව මත් උවදුර හා විවිධ සමාජ විරෝධී ක්‍රියා සඳහා බලපාන මූලයන්
ඉවත් කිරීම හා එයින් තරුණ පරපුර මුදා ගැනීම සඳහා තිරසාර ක්‍රමෝපායන්
හඳුන්වා දීම, වෘත්තිය, අධ්‍යාපනික හා සමාජ අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීම
සඳහා සෘජුවම බලපාන තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑම හා ස්කයිප්
තාක්ෂණය හරහා දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන්ද හඳුන්වා දීමටද නියමිතය.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා,
ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ
සම්මේලනයේ තරුණ නායකයින්, යෞවන සමාජ නියෝජනය කරමින් තරුණ තරුණියන් ඇතුළු
පිරිසක් සහභාගි වී සිටියා.















No comments: