Breaking News

පානදුරට නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් යොවුන් සවිබලකරණ මධ්‍යස්තානයක් (PHOTOS) | EW Media

නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහනේ සහ ජාතික තරුණ සේවා සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ පානදුර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් යොවුන් සවිබලකරණ මධ්‍යස්තානය විවෘත කිරීම ඊයේ (22) දිනයේදී සිදුකෙරුණා. ඒ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමාගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂමන් විජේමාන්න මැතිතුමා, පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මැතිතුමා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය නියෝජනය කරමින් ප්‍රදේශයේ ජනතා නියෝජතයින් පිරිසක්ද එක්ව සිටියා.

වෘත්තිය නිපුණතාවයන් ලබා දෙනු වස් ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට දායාද කළ මෙම යොවුන් සවිබලකරණ මධ්‍යස්තානය ඉතා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පුහුණු පාඨමාලා ඉගැන්වීමට සුදුසු අධ්‍යයන පරිසරයකින් යුක්තව ඉදිකර තිබීම විශේෂත්වයක්. 

තවද මෝටර් කාර්මික, තොරතුරු තාක්ෂණය, ත්‍රිමාණ මුද්‍රණය, රූපලාවන්‍ය ශිල්පය ඇතුළු පුහුණු පාඨමාලා රැසක් මෙම මධ්‍යස්ථානය තුල ආරම්භ කිරීමට ‍සියළු පහසුකම් නිර්මාණය කර තිබෙනවා. පානදුර වෘත්තිය මධ්‍යස්ථානයේ නිළධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකයින්, පුහුණු පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන් ඇතුළු පිරිසක්ද සහභාගිවී සිටියා.






















No comments:

Powered by Blogger.