ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂනික පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට (PHOTOS) | EW Media
ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ රත්මලාන,ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය
පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂනික පුහුණු මධ්‍යස්ථානය
විවෘත කිරීම අද (10) උදෑසන තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල
රත්නායක මැතිතුමාගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල්
නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඉතා
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පුහුණු පාඨමාලා ඉගැන්වීමට සුදුසු අධ්‍යයන
පරිසරයකින් යුක්තව මෙම පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක්. තවද
මෝටර් කාර්මික, තොරතුරු තාක්ෂණය, ත්‍රිමාණ
මුද්‍රණය, රූපලාවන්‍ය ශිල්පය ඇතුළු පුහුණු පාඨමාලා රැසක් මෙම මධ්‍යස්ථානය
තුල ආරම්භ කිරීමට සියළු පහසුකම් නිර්මාණය කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා රත්මලාන,ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ
නිළධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ශ්‍රී ලංකා යෞවන
සමාජ සම්මේලනයේ තරුණ නායකයින්, පුහුණු පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන්
ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

















No comments: