දහඩියේ රියැලිටිය තුළින් "ගමට කෝටියක්" දිනාගත් කුරුණෑගල, ගල්ගමුව සිංහලේ අපි යෞවන සමාජය (PHOTOS) | EW Media
තාරුණ්‍යයේ ශක්තිය ලෝකයට රැගෙන ගිය "Youth With Talent" රියැලිටි වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකවූ "ගමට කෝටියක්" (Grand Finale) තුරුණු ශ්රම ශක්ති ප්රජා සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා මූල ව්‍යාපෘති 3000 ක් අතරින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයින් හට සම්මාන පිරිනැමීමේ උළෙල ඊයේ (09) උදෑසන අරලියගහ මන්දිරයේදී අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන පිරිනැමීමේ උළෙල සඳහා ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාද එක්ව සිටියා.
පවුඩර් සංස්කෘතිය අභිබවනය කළ දහඩියේ රියැලිටිය වන “ගමට කෝටියක්” තුරුණු ශ්රම ශක්ති ප්රජා සංවර්ධන වැඩසටහනේ ජාතික මට්ටමේ ප‍්‍රථම ස්ථානය කුරුණෑගල, ගල්ගමුව සිංහලේ අපි යෞවන සමාජයට හිමි වුණා. ඒ සිංහලේ අපි යෞවන සමාජයේ තරුණ තරුණියන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ක‍්‍රියාත්මක කළ පානීය ජල ව්‍යාපෘතියකට. එම ගම්මානය සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ඔවුන්ට හිමි වීම විශේෂත්වයක්.
මෙහිදී පසුගිය වසරේ ක‍්‍රියාත්මක කළ ප්‍රජා මූල ව්‍යාපෘති 3000 ක් අතරින් ජාතික මට්ටමේ දෙවන ස්ථානය හිමිවුයේ නුවරඑළිය වලපනේ බ්‍රේව් හාර්ට්ස් යෞවන සමාජය ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතියටයි. බුද්ධ මන්දිරයක්, ළදරු පාසලක් සහ දුගී පවුලකට වහලය සෙවිලි කිරීම එම ව්‍යාපෘතියට ඇතුළත්.
“ගමට කෝටියක්” තුරුණු ශ්රම ශක්ති ප්රජා සංවර්ධන වැඩසටහනේ ජාතික මට්ටමේ තුන් වන ස්ථානය මාතලේ විල්ගමුව සත්සර යෞවන සමාජය ක‍්‍රියාත්මක කළ දහම් පාසල් බහු කාර්ය ගොඩනැගිලි ව්‍යාපෘතියට හිමිවුණා.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, අමාත්‍යාංශ ලේකම් වරුන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීතුමන් ඇතුළු එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ඇතුළු තරුණ නායකයින් හා ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ සභිකයින් සමඟින් දිවයිනේ පුරා විසිරී ඇති යෞවන සමාජ නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.




















No comments: