Breaking News

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වූ "වෙසක් පුර පසළොස්වක" පොහෝ දිනය අදයි | EW Media

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වූ "වෙසක් පුර පසළොස්වක" පොහෝ දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට පත්වීම හා සම්මා සම්බුදු පියාණන්ගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල කරුණු අද වැනි උතුම් පොහෝ දිනයක සිදු විය.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද අද වැනි වෙසක් ‍පොහෝ දිනකදී බව බෞද්ධ ශිලා ලේඛනවල සඳහන් වෙයි.

ඔබ සැමට දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


No comments:

Powered by Blogger.