ජාතික සංහිඳියාවේ යොවුන් බක් මහ උළෙල හෙට | EW Media
ජාතික සංහිඳියාවේ සූර්ය මංගල්‍යය “ජාතික යොවුන් බක් මහ උළෙල” හෙට (28)
මොරවක කීර්ති අබේවික්‍රම මහ විදුහල් ක්‍රීඩාංනයේදී පැවැත්වේ. ජාතික
සංහිඳියාව තේමා කරගනිමි දිවයිනේ නන්දෙසින් විවිධ ජාතීන් නියෝජනය කරමින්
තරුණ තරුණියන් 2000 කට අධික පිරිසක් මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්වන
බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ
මැතිතුමා පැවසීය.
අග්‍රාමත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘති කළමනාකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමාගේ මඟපෙන්වීම මත ජාතික යොවුන් බක්මහ උළෙල සංවිධානය කර ඇත.
විවිධ ජාතීන්ට ආවේනික තරඟ ඉසව් රැසක්ද මෙහි පැවැත්වෙන අතර විවෘත පාපැදි ධාවන තරඟය, කාන්තා හා පිරිමි ගම හරහා දිවීමේ තරඟ, යොවුන් අවුරුදු කුමරිය හා යොවුන් අවුරුදු කුමරා තේරීම, ලිස්සන ගහ නැගීම යන ජන ක්‍රීඩා ඇතුළු තරඟ ඉසව් 40 ක් මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්කර ඇත. ගැමි ගෙදරක්ද මෙහි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ “Youth Extrem” සංගීත කණ්ඩායම සංගීතවත් කරන දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් සහභාගීවන සංගීත ප්‍රසංගයක් මෙදින රාත්‍රීයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ව්‍යාපෘති කළමනාකරන,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලයනය එක්ව මෙම ජාතික යොවුන් බක්මහ උළෙල සංවිධානය කර ඇත.

No comments: