“ජාතික යොවුන් බක්මහ උළෙල” අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතරදී (PHOTOS) | EW Media
ජාතික සංහිඳියාවේ සූර්ය මංගල්‍යය “ජාතික යොවුන් බක් මහ උළෙල” පසුගියදා (28) මොරවක කීර්ති අබේවික්‍රම මහ විදුහල් ක්‍රීඩාංනයේදී පැවැත්වුණා. ඒ
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම
අවස්ථාව සඳහා ව්‍යාපෘති කළමනාකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
ගරු සාගල රත්නායක මැතිතුමා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක
ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාද සහභාගි වී සිටියා.
ජාතික සංහිඳියාව තේමා කරගනිමි දිවයිනේ නන්දෙසින් විවිධ ජාතීන් නියෝජනය කරමින් තරුණ තරුණියන් 2000 කට අධික පිරිසක් මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්ව සිටීම විශේෂත්වයක්.
විවිධ ජාතීන්ට ආවේනික තරඟ ඉසව් රැසක්ද මෙහි පැවැත්වුනු අතර විවෘත පාපැදි
ධාවන තරඟය, කාන්තා හා පිරිමි ගම හරහා දිවීමේ තරඟ, යොවුන් අවුරුදු කුමරිය හා
යොවුන් අවුරුදු කුමරා තේරීම, ලිස්සන ගහ නැගීම යන ජන ක්‍රීඩා ඇතුළු තරඟ
ඉසව් 40 ක් පමණ මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්කර තිබුණා. ගැමි ගෙදරක්ද
මෙහි නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.
මීට අමතරව එදින රාත්‍රීයේදී ජාතික තරුණ සේවා සභාවේ “Youth Extrem” සංගීත කණ්ඩායම සංගීතවත්
කළ දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් සහභාගීවූ සංගීත ප්‍රසංගයක්ද මොරවක
කීර්ති අබේවික්‍රම මහ විදුහල් ක්‍රීඩාංනයේදී පැවැත්වුණා.
ව්‍යාපෘති
කළමනාකරන,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා
සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලයනය එක්ව මෙම ජාතික යොවුන් බක්මහ උළෙල
සංවිධානය කර තිබුණා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.


































No comments: