ජාතික යොවුන් කොඩි දිනය අදයි : කොඩි අලෙවි කිරීමට තාරුණ්‍යය සමඟින් සභාපතිතුමත් එක් වේ | EW Media
ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ජාතික යොවුන් කොඩි දිනය අදට (26) යෙදී තිබෙනවා. එය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන් විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ වෙත යොවුන් කොඩිය පැළඳවීම අද (26) පෙරවරුවේ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී සිදු කෙරුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන් සමඟ එක්ව ගරු සභාපතිතුමා මහරගම නගරයේ යොවුන් කොඩි අලෙවි කිරීම සඳහාද සහභාගී වුණා.
ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය
පළමු වරට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක
නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම්
වැඩසටහන් ක්‍රියාවට නැංවිණි. ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක
වන්නේ 28 වන වරටය.
දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ප්‍රාදේශීය යෞවන සමාජ කිහිපයක තරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.
Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

No comments: