Breaking News

අභිමානවත් 8 වන යොවුන් පුරයට සියළු කටයුතු සූදානම් - EW Media

හත්වැනි යොවුන් පුරය හෙට (29) පෙරවරුවේ  ආරම්භ වනවා. ඒ ත්‍රිකුණාමල  මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ දී.

“අනාගතය ඇරඹුණා” තේමාවෙන් පැවැත්වෙන යොවුන් පුරයේ  සමාරම්භක දිනයේ ප්‍රධාන අමුත්තන් ලෙස එක්වන්නේ අමාත්‍ය නිරෝෂන් පෙරේරා,ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ යන පිරිසයි.

1984 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත තරුණ තරුණියන් වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර වසර 27ක් නොපැවැත්වුණු යොවුන් පුරය වත්මන් සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ විසින් පසුගිය වසරේදී යළිත් ආරම්භ කරනු ලැබුවා.

මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 2වන දින දක්වා මෙවර යොවුන් පුරය පැවැත්වීමට නියමිතයි.












No comments:

Powered by Blogger.