කරන්දෙණියේ තුරුණු සවියෙන් දියවර ගෙන දුන් කිරිපේද්ද වැව ජනතා අයිතියට - EW Media
ජාතික තරුණ සේවා සභාව හඳුන්වා දුන් "Youth With Talent" ව්‍යාපෘති 1500
වැඩසටහන සමඟ තරඟවදින තවත් සාර්ථක ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ
උත්සවය පසුගිය (03) වන දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ
එරන්ද වැලිඅංගේ,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බන්දුලාල්
බණ්ඩාරීගොඩ, ජාතික යොවුන් පෙරමුණේ ලේකම් නීතිඥ තාරක නානායක්කාර යන
මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ගාල්ල, බෙන්තර ඇල්පිටිය
මැතිවරණ කොට්ඨාසයේ ඉහළ කිරිපේද්ද ගම්මානයේදී. කිරිපේද්ද වැවට දියවර ගෙන දීමට
තුරුණු සවිය ලබා දුන් ඉහළ කිරිපේද්ද ශ්‍රී විජය යෞවන සමාජය කිරිපේද්ද වැව
ප්‍රතිසංස්කරණය කිරීම හා ඒ ආශ්‍රිත ව්‍යාපෘති සිහිනයක් බවට පත් වෙන්නට ඉඩ
නොදී එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය,ප්‍රදේශයේ ජනතා නියෝජතයින්,
ප්‍රදේශවාසීන් හා ශ්‍රී විජය යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල
පිරිසක් සහභාගී වී සිටියා. මේ එහි අප නෙත ගැටුණු සොඳුරු දසුන් කිහිපයක්.

















No comments: