Breaking News

සිව් වන යොවුන් පාර්ලිමේන්තුවට තරඟ කරන අපේක්ෂකයන්ට තරුණ සේවා සභාපතිගෙන් පුහුණු වැඩමුළුවක්

ගම හදන නායකත්වය තුලින් රට හදන නායකත්වය සොයා යෑමේ අරමුණ වෙනුවෙන් තාරුණ්‍යය බල ගන්වන සිව් වන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර ඉදිරිපත් වී සිටින නවක යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයින් පිරිසක් සඳහා සාමාකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් ඊයේ (10) දිනයේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයින් පිරිසක් සහා ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

Pix By :- Rasika Sanjeewa
Dinesh Fernando @ EW Media






No comments:

Powered by Blogger.