Breaking News

එරන්ද වැලිඅංගේ පදනමෙන් පෙර පාසල් යන දූ පුතුන්ට පාසැල් උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක්

අනාගත ලොව දිනනා මතු පරපුර දැනුමෙන් පරිපූර්ණ දරු පරපුරක් බවට පත් කිරීමේ උතුම් අරමුණ පෙරදැඩිකරගෙන නීතිඥ එරන්ද වැලිඅංගේ පදනම විසින් ක්‍රීයාත්මක කරනු ලබන පෙර පාසැල් යන දූ පුතුන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටල ලබා දීමේ පළමු අදියර ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී පළමු අදියර වශයෙන් අද දින පෙර පාසැල් උපකරණ කට්ටල ලබා දුන්නේ බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ "Sun Blossem" පෙර පාසැල සඳහායි. මෙම අවස්ථාව සඳහා එම පෙර පාසැලේ ආචාර්ය මණ්ඩලය, දු පුතුන් හා ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

Dinesh Fernando @ EW Media


















No comments:

Powered by Blogger.