තාරුණ්‍යයේ අභිමානය කැටුව යොවුන් ඔබේ ඡන්දය හෙට දිනයේදී ලබා දෙන්නැයි තරුණ සේවා සභාපති ඉල්ලයි
සිව්
වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය 2016 දෙසැම්බර් 18 ක්වු ඉරිදා
දින එනම් හෙට දින පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා දිවයින පුරා ඡන්ද
මධ්‍යස්ථාන 670 කදී පැවැත්වීම සඳහා මේ වන විට සියළු කටයුතු සුදානම් කර
තිබෙනවා. ඔබේ ගමට තරුණ නායික / නායිකාවන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාව මෙවර
මඟ නොහැර ගන්නා ලෙස ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ
එරන්ද වැලිඅංගේ මැතිතුමා අද (17) දින රූපවාහිනී වැඩසටහකට සහභාගී වෙමින්
පැවසුවා. ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ ගමේ යෞවන සමාජයේ දැනටමත් ඔබ
ලියාපදිංචි වී ඇත්නම් හෙට දිනයේදී නොපමාව ප්‍රදේශයේ ඇති ඡන්ද මධ්‍යස්ථානය
වෙත ගොස් නොපමාව ඡන්දය ප්‍රකාශය කර රටේ සංවර්ධනයේ සාඩම්බර කොටස්කරුවෙකු වන
ලෙස ඔහු රටේ 302,229 ක් (තුන් ලක්ෂ දෙදහස් දෙසීය විසිනවයක්) පමණ වූ මෙවර
සිව් වන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම්
ලැබු තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසුවා.
Dinesh Fernando @ EW Media
Dinesh Fernando @ EW Media

No comments: