සිව් වන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමාකාමී ලෙස අවසන් - EW Media
සිව් වන යොවුන් පාර්ලිමේන්තුව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඊයේ (18) දිනයේදී
දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 661 කදී පැවැත්වුණා. මැතිවරණ කොට්ඨාස
160 ක් සදහා අපේක්ෂකයන් 945 දෙනෙක් මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා
ඉදිරිපත්ව සිටියා. යොවුන් පාර්ලිමේන්තුව සභිකයන් 225 දෙනෙකුගෙන් සමන්විත
වන අතර ඉන් 160 දෙනෙක් තෝරාගන්නේ මැතිවරණ කොට්ඨාස පදනම් කරගනිමින්. මෙවර
සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලාංකාවෙන්ම පළමු තැන 63.78
% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නැගෙනහිර පළාත විසින් හිමි කර ගෙන තිබෙනවා.
මෙවර මෙම මැතිවරණයේ පවතින සුවිශේෂී කාරණය වන්නේ මඩකලපු දිස්ත්‍රික්කයෙන්
85.14 % ක වාර්ථාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබිමයි. මෙවර සිව් වන යොවුන්
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරුණ තරුණියන්ගේ ගියවර පැවැති මැතිවරණයට විශේෂ
උනන්දුවක් පැවති බව මෙම සමස්ථ ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි ඉතා විශ්ලේෂනාත්මකව
බැලු විට අප හට පෙනී යනවා. මන්දයත් ගියවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට
සාපේක්ෂව දෙගුණයක වඩා වැඩි ඡන්දදායකයින් පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කර
තිබීමෙන් එය මනාව පැහැදිලි වෙනවා.
පළාත් මට්ටමින් හා දිස්ත්‍රික්ක මට්ටමන් නිකුත් වූ ඡන්ද ප්‍රතිශතයන් මෙසේ,
පළාත් මට්ටමින් නිකුත්වු ඡන්ද ප්‍රතිශතය
----------------------------------------------------
නැගෙනහිර පළාත :- 63.78 %
උතුරු පළාත :- 43.80 %
ඌව පළාත :- 41.00 %
දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත්වු ඡන්ද ප්‍රතිශතය
--------------------------------------------------------
මඩකලපුව දිස්ත්‍රික්කය :- 85.14 %
මොණරාගල දිස්ත්‍රික්කය :- 65.43 %
අම්පාර දිස්ත්‍රික්කය :- 56.55 %
මුලාශ්‍රය :- ජාතික තරුණ සේවා සභා මාධ්‍ය අංශය
Dinesh Fernando @ EW Media
පළාත් මට්ටමින් නිකුත්වු ඡන්ද ප්‍රතිශතය
----------------------------------------------------
නැගෙනහිර පළාත :- 63.78 %
උතුරු පළාත :- 43.80 %
ඌව පළාත :- 41.00 %
දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත්වු ඡන්ද ප්‍රතිශතය
--------------------------------------------------------
මඩකලපුව දිස්ත්‍රික්කය :- 85.14 %
මොණරාගල දිස්ත්‍රික්කය :- 65.43 %
අම්පාර දිස්ත්‍රික්කය :- 56.55 %
මුලාශ්‍රය :- ජාතික තරුණ සේවා සභා මාධ්‍ය අංශය
Dinesh Fernando @ EW Media

No comments: