Breaking News

නීතිඥ එරන්ද වැලිඅංගේ පදනමෙන් කැස්බෑවේ පෙර පාසැල් 40 ක අකුරු කරනා දු පුතුනට පාසැල් උපකරණ - EW Media

අනාගත ලොව දිනනා මතු පරපුර දැනුමෙන් පරිපූර්ණ දරු පරපුරක් බවට පත් කිරීමේ උතුම් අරමුණ පෙරදැඩිකරගෙන නීතිඥ එරන්ද වැලිඅංගේ පදනම විසින් ක්‍රීයාත්මක කරනු ලබන පෙර පාසැල් යන දූ පුතුන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පිළියන්දල සමුපකාර මන්දිර ශාලාවේදී පැවැත්වුණා. මෙහිදී අද දින පෙර පාසැල් උපකරණ කට්ටල ලබා දුන්නේ කැස්බෑව ආසනයේ තෝරාගත් පෙර පාසැල් 40 ක් සඳහායි. මෙම අවස්ථාව සඳහා එම පෙර පාසැල්වල ගුරුවරුන්, දු පුතුන් හා ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

















No comments:

Powered by Blogger.