යොවුන් කොඩි දිනය සංකේතවත් කරමින් සභාපතිතුමා විසින් යොවුන් කොඩියක් අගමැතිට පළඳවයි (PHOTOS) | EW Media
ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා
සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින
වැඩසටහන සංකේතවත් කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත
යොවුන් කොඩිය පැළඳවීම අද (02) උදෑසන අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා විසින් යොවුන් කොඩිය ගරු අගමැතිතුමා වෙත මෙහිදී පළදවනු ලැබුවා. ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය පළමු වරට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් ක්‍රියාවට නැංවිණි. ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක වන්නේ 28 වන වරටය.

දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල
334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ
සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරයවසම් මැතිතුමා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමෙන්තුවේ අගමැති ජලිත අකරවිට, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන්, භාණ්ඩාගාරික රදික ජයලත්,පරිපාලන ලේකම් සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී මහේෂ් තිලකරත්න, යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.
එම ඡායාරූප පහතින් දැක්වෙනවා.
Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

No comments: