ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතාවය කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා Dialog Axiata සමාගම විසින් එක්ව
සංවිධානය කරනු ලබන "ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශුරතාවය - 2016"
තරඟාවලියේ අවසාන මහා තරඟය අද (07) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ක්‍රීඩා
අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ
සභාපති හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද
වැලිඅංගේ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. මෙහිදී ජනාධිපති රන් කුසලාන
ඩයලොග් වොලිබෝල් ශුරතාවය දිනාගනු ලැබුයේ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය වන
අතර අනුශුරතාවය දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසින් දිනාගනු ලැබුවා. මෙම
අවස්ථාව සඳහා Dialog Axiata සමාගම නියෝජනය කරමින් එහි විධායක නිළධාරීන්
පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක නිළධාරීන් පිරිසක් සහභාගී
වී සිටි අතර අද දින මෙම අවසාන මහා තරඟය නැරඹීම සඳහා අති විශාල පිරිසක්ද
ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගරය වෙත පැමිණ සිටියා. මේ එහි සොඳුරු
දසුන් කිහිපයක්.






























No comments: